අපට අහිමි වූ දළ පුට්ටුවාගේ ඔබ මවිත කරවන සැගවුණු හපන්කම් මෙන්න.

ගල්ගමුවේ දළ පූට්ටුවා යන සද්දන්තයා මේ වන විට අප රට තුළ සුවිශේෂී මාතෘකාවක් බවට පත් වී තිබෙනවා . එහෙත් අද පමණක් නොවේ මෙරට තුල දශක කිහිපයක් පුරාවට විවිධ

ආකාරයේ පුවත් මැවූ ජාතික වස්තුවක් ලෙස ට ලෙස ට මෙම හස්ති රාජයා හැඳින්විය හැකියි .

 මේ ගල්ගමුවේ හස්තිරාජයාගේ හස්ති රාජයා ගේ ඛේදවාචකය සහ එම සද්දන්තයාගේ අතීත

කතාවයි ගල්ගමුවේ දළ පූට්ටුවා උපතින් අන්ධ නොවුනද ලෝකය දකින්නට තිබූ දෙනෙත අහිමි කළේ මිනිසා විසින් මයි .

 මෙම සත්ත්ව

යා දුර්ලභ ගණයේ එකිනෙක හා සම්බන්ධ වූ දළ දෙක හේතුවෙන් දළ පූට්ටුවා ලෙස හඳුන්වනු ලැබුවා විටෙක අන්ධයකු ලෙසත් විටෙක චණ්ඩියකු ලෙසත් විටෙක අහිංසක සතෙකු ලෙසත් විටෙක මනාලයකු ලෙසත් මෙම හස්තයා කතා පුවත් රැසක් මවා තිබෙනවා .

  මෙම හස්තියා ගල්ග

මුවේ සිට විවිධ් ප්‍රදේශ වලට දිනකට කිලෝමීටර් 50ක් පමණ ගමන් කල අතර කොහේ ගියද යළි වාසභූමියට පැමිණීමේ හැකියාවක් ද හස්තියාට තිබුණා. වරක් මෙම සද්ධන්තයාට පිරිසක් වෙඩි ප්‍රහාර එක්ක කර තිබු අතර ඉන් පසුව හස්තියා ගල්කිරියාගම පුබ්බෝගම නගරයට කඩාවැදී තිබුණේ දැඩි කෝපයකින්.

 එහිදී මොහු වාහන කීපයකට මෙන්ම , බස්නැවතුම්පලටද හානි සිදු කලා. තවත් දිනෙක වනජීවී අමාත්‍ය

වරයා සංචාරයේ නිරත වන විට මෙම හස්තියා කලා වැව අසල අලිවැඩ කඩාදමා තිබුනේ එහි ප්‍රමිතිය බාල බව අමාත්‍යවරයා පෙන්වාදෙන්නාක් මෙනි. එහිදී එම වැට ඉදිකල අයගේ තවත් වංචා රැසක් හෙලි වූවා.

  වරක් අලි දෙදෙනෙක් සමග ගැටුමක් ඇති කරගත් මෙම හස්තියා එම රංචුවේ ඇතින්නක් සමග කලා වැව රක්ශිතයෙන් බලලු වැව රක්ශිතයට ගමන් කර තිබුණා.

  කෙසේවෙතත් අති දුර්ලභ ඝනයේ වටිනාකමකින් යුත් මෙම දළ පූට්ටුවා අද වන විට රටට අහිමි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *