බයික් පදින ,බයික් ගැන උනන්දු හැමෝම අනිවාරෙන් කියවන්නම ඕන කරුණු 10ක් මන්න.

හැමදාම ජපන් බයික් හොය හොය ඉන්න එකේ..ඉන්දියන් බයික් එකක් ගන්න උනොත් ..

ජපනෙක් තරම්ම නැතිඋනත් ඒ වගේම තියාගන්නේ කොහොමද..මගේ අත්දැකීම් ටිකක් බෙදාගන්න යන්නේ…දැනට පාවිච්චි කරන්නේ ඉන්දියන් බයික් එකක් නම් උඹලත් මේ ටික දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතෙනවා..හෝ ඉන්දියන් බයික් එකක් ගන්න යනවනම්..මේ ටික දැනගන්න..

ඉන්දියන් බයික් කියන්නේ එදිනෙදා පාවිච්චියට හදන බයික් නේ උඹලා මම හැමෝම දන්න විදියට..ඉතින් බොහෝමයක් ඉන්දියන් බයික් හදන්නේ දකුණු ආසියාතික රටවල් වලට හෝ තුන්වෙනි පන්තියේ දියුණුවෙමින් පවතින රටවල් වලට..මොකද බජාජ් කම්පනිය ෆැක්ටරිය ඉන්දියාවේ තිබ්බට අයිතිකාරයෝ ඉතාලි..බජාජ් බයික් අතරින් RS200 / NS200 වගේ බයික් තුර්කිය,බ්‍රසීලය,මැලේසියාව වගේ රටවල් වලත් තියනවා..ටීවීස් බයික් වල ෆැක්ටරියක් බ්‍රසීලෙත් තියනවා.ඉතින් ජපන්නුන්ට අභියෝගකරන මාකට් එක හදන්නේ ඉන්දියාවෙන් කියලා ජපන්නුන්ම කියලා තිබ්බ ආටිකල් එකක් මේ ළගදි කියෙව්වා..දැනට 200CC කාණ්ඩයේ තියෙන ඉන්දියන් වලින් ළoකාවේ තියන ගනන් වැඩිම බයික් එක තමා RS200,ඒකෙ 0-100km/h වලට ගතවෙනවා තත්පර 9ක්…250CC හොන්ඩා හොනට් එකට තත්පර 5-6ත් අතර කාලෙකින් 0-100 වලට යන්න පුලුවන්..ඉතින් මේ අද මම මගේ අත්දැකීම් අනුව කියන්නම් ජපනෙක් වගේම කල්පවැත්මෙන් ඉන්දියන් බයික් එකක් බලාගන්නේ කොහොමද කියල..

1.පලවෙනි කාරණය …

ඉන්දියන් බයික් එකක් අලුතින් අරගත්තට පස්සේ අපේ කොල්ලො ඉතින් ආසාවට මොකෝ කරන්නේ…ගත්ත වෙලාවේ ඉදන් අරිනවා .ලෑල්ලටම..ඒක දිගුකාලීන භාවිතයට අහිතකරම දෙයක්..බයික් එක Liquid Cooling නැත්නම් මම කියන්නේ පලවෙනි 1500km ම 4.5rpm වලට වඩා අඩුවෙන් දුවන්න(40ට අඩුවෙන්)..නැත්නම් කිලෝමීටර් 15000 පැනපු ගමන් එන්ජිම Freeze වෙන්න ගන්නවා..Liquid cooling තිබ්බත් පලවෙනි 500km යනකන් කිව්ව විදියට කරනවනම් හොදයි..

2.Refilling
තෙල් ගහද්දි කවමදාකවත් ෆුල් ටෑන්ක් ගහලා හොලව හොලව කට මට්ටමට තෙල් ගහන්න එපා ඒ කාබ් තියන බයික් වලට..EFi තියන බයික් එකක උනත් ඒක කරන එක හොදක් පේන්නේ නෑ..EFi බයික් වල අනිත් කාරණය කවදාවත්ම තෙල් අඩුවෙන් දුවන්න එපා.කාළයක් යද්දි තෙල් මීටරේ පිස්සුකෙලින්න ගන්නවා..බයික් එකේ Performance වලටත් බලපානවා..(පල්සර් වල විශේශයෙන්ම)

3.Idle Throttling

බයික් එක නියුට්‍රල් එකේ තියාගෙන ඇක්සිලරේට් කරන්න එපා ගොඩක් වෙලා..ලෝඩ් නැති නිසා එන්ජින් එකට හොදම නෑ..

4. Engine Oil

මේක තමා විශේෂම කාරණය..අපේ කස්ටිය එන්ජින් ඔයිල් දාන්නේ කිලෝමීටර් 2500න් පස්සේනේ..දන්නවද? ඉන්දියාවේ බයික් එක සර්විස් කරන්න ඕනේ කිලෝමීටර් 4500න් 4500ට..ලoකාවේ මාර්ගවල හැටියට තමා බයික් එක 2500න් 2500ට සර්විස් කරන්න සජෙස්ට් කරන්නේ..
එතකොට අපේ කට්ටිය කරන්නේ සර්විස් එකෙන් දාන එන්ජින් ඔයිල් එක දාලා දුවන එක..නෑ මචන් ඒක නෙවෙයි ක්‍රමය..
බයික් එකේ එන්ජින් එකට අනුව ස්පෙශල් වොට් ගානක එන්ජින් ඔයිල් තියනවා..හැමෝම දාන එක දාන්න එපා..ඔයා ගොඩක් දුර දුවන කෙනෙක් නම් දාන්න ඕනේ එන්ජින් ඔයිල් එක වෙනස්..පිකප් එක ඕනේ නම් දාන එන්ජින් ඔයිල් වෙනස්..එකින් එකට වෙනස්.(RS200 සහ NS200තියන කට්ටිය කමෙන්ට් එකක් දාන්න..මම කියන්නම් දාන්න ඕනේ එන්ජින් ඔයිල් වර්ගය)
බැරල් වලින් එක ලූස් එන්ජින් ඔයිල් දාන්න එපා බයික් එකට..පර්ෆෝමන්ස් බහිනවා..ඒක නිසා සර්විස් එකට යද්දි අතින් ගානක් වියදම් කරලා හරි හොද වර්ගෙක එන්ජින් ඔයිල් එකක් අරගෙන යන්න..ඒක තමා මූලිකම දේ..බයනැතුව කිලෝමීටර 3000ක් විතර දුවන්න පුලුවන්..

 

 

5.Chain එක..

චේන් මේන්ටෙනන්ස් කියන දේ ගැන අපේ කට්ටිය හිතන්නේවත් නැති තරම්..ඒත් සාමාන්‍යෙන් බයික් එකේ චේන් එක තමා නහර පද්ධතිය..ඒක හොදට මේන්ටෙන් කරන්න ඕනේ..පුලුවන් නම් හැම කිලෝමීටර් 500න් 500ටවත් ඔයිල් කරන්න..නැත්නම් ග්‍රීස් ස්ප්‍රේ එක ගහන්න..(කඩවල් වල තියනවා ගන්න..)වැස්සට දූවිල්ලට අහුවෙනවනම් 300න් 300ට කරන්න..නැත්නම් කල් යද්දි Sprocket ගෙවිලා ලෙස්සන්න ගන්නවා ගියර් දැම්මම..

6.Clutch එක..

වැදගත්ම කාරණයක්..අපේ එවුන් පලවෙනි ගියර් එක දාලා ඉතුරු ගියර් ටික දාන්නේ ක්ලච් එක භාගෙට යාන්තමින් අල්ලලා..ඒකට කියන්නේ Half Clutch කියල..ඒක Clutch Plates වලට හොද නෑ.පස්සේ කාලෙක එන්ජිම ගියර් එක දෙක දාලා යද්දි දඩස් ගාලා හිටින්න ගන්නවා..ඒකත් වදයක්නේ එතකොට..

7.Rain Cover.

බයික් එක වැස්සට අහුවෙනවා නේද ?
ඔව්..සාමන්‍යෙන් බයික් අව්වට වැස්සට ඔරොත්තු දෙන්න තම හදලා තියෙන්නේ..ඒත් කෝකටත් හොදයි මාස දෙක තුනකට වතාවක් හරි WD40 ටිකක් ඇණ මුරුච්චි තියන තැන් වලට ස්ප්‍රේ කරන එක..නැත්නම් කල් යද්දි ඒවල මල කනවට ගහලා තියෙන Coat එක ගිහිල්ලා මළකඩ කන්න ගන්නව.
අනිත් කාර්ණය සර්විස් එකේදි හයි ප්‍රෙෂර් එක විතරක් අල්ලලා බයික් එක හෝදන්න එපා..ෆෝම්,ඔයිල් වොශ් එක්කම නෝමල් වතුර පාරකුත් අල්ලන්න කියන්න..ඒක පේන්ට් එකේ යහපැවැත්මට..

8. Braking
මේ කාරණය මේන්ටේන් එක ගැන නෙවෙයි..හරියට බරක් නැති ඉන්දියන් බයික් එකක් බ්‍රේක් කරලා නවත්තගන්න හැටි..
හදිස්සියකදි අපි බ්‍රේක් ගහද්දි ගොඩක් වෙලාවට ඇගිලි 4කින්ම බ්‍රේක් එක අල්ලනවනේ..ඉස්සරහා එක..එතකොට තමා ලිස්සන්න බලන්නේ..ඒක නිසා හැමතිස්සෙම අතේ පොඩි ඇගිලි තුන විතරක් බ්‍රේක් එකේ තියාගෙන යන්න.මහපට ඇගිල්ලයි අනිත් එකයි ඇක්සිලරේටරේ..අනිත් අතින් ක්ලච් එක..

 

 

ඒක තමා මම බ්‍රේක් ගහන ක්‍රමය..මොකද අපේ මුලු ඇගිලි හතරකින්ම දෙන බලයට සාපෙක්ෂව අපි යන වේගයත් එක්ක එක පාරටම බ්‍රේක් ගැහුවොත් ලිස්සනවා..
පිටිපස්සේ බ්‍රේක් එක පුලිවන් තරම් හයියෙන් පාගන්න..එතකොට Fishtail වෙනවා මිසක් වැටෙන්නෑ..Panic Braking ටිප් එකක් තමා ඔය දුන්නේ..
(අලුතින් එක ABS තියන බයික් වලට මේ කාරණය අදාල නෑ.ABS තියනවන්ම් පුලිවන් තරම් හයියෙන් අල්ලහන්..ලිස්සන්නේ නෑ..)

9.BS4 එන්ජින් සහ නෝමල්..

දැන් අලුතින් එන ඉන්දියන් බයික් වලට එන්නේ BS4 එන්ජින්..ඒ කියන්නේ පාරිසරික තත්වයන්ට අනුකූලව වායුදූෂණය අවම වෙන පරිදි හදපු එන්ජින්..ඒවා උදේ පාන්දර ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් කරපු ගමන් යන්න එපා..විනාඩි දෙකක් විතර idle එකේ තියන්න..එතකොට එන්ජිමේ බැදිච්ච කාබන් එහෙම ඔක්කොම පිට වෙනවා..ගදින් තේරෙනවා ඒක..නෝමල් BS 1/2/3 එන්ජින් උනත් එහෙමයි..
අනිත් කාරණය..
එන්ජිම ස්ටාර්ට් කරපු ගමන් යස්සයා ආරුඪ වෙලා යන්න එපා..පලවෙනි කිලෝමීටර් 3 වත් 50ට අඩුවෙන් යන්න..එතකොට තමා එන්ජිම වටේට තෙල් දුවලා පදම් වෙලා තියෙන්නේ..නැත්නම් නිකන් පාට්ස් ගෙවෙනවා ඇතුලේ තියන ඒවා.

10.Cornering (වoගු)

බයික් එකෙ ප්‍රමානෙට සරිලන විදියට වoගු නවන්න..සීටී 100 එකෙන් ගන්න ළග වoගු Apache එකෙන් ගන්න බෑ..ඒක නිසා හැමතිස්සෙම වoගුවක් ගද්දි Out and IN ක්‍රමේට වoගු නවන්න..ඒ කියන්නේ පාරේ මැද ඉර තියන තැනින් වoගුව නවන්න පටන් අරගෙන වම් පැත්තේ සීමා රේඛාව පැත්තට..එතකොට අපි වoගුවෙන් භාගයක් යද්දි පාරෙන් භාගයක් කවර් කරලා..එහා පැත්තෙන් ඉර කපාගෙන වාහනයක් ආවත් ඒකෙන් බේරෙන්න පුලුවන් එතකොට..ඒක දෙපැත්තටම බලපාන දෙයක්

ඉතින් දන්න ඒවගෙන් මතක් උන ටික තමා උඹලත් එක්ක බෙදාගත්තේ..ජපන් හොදයි,ඉන්දියන් නරකයි,මැලේසියන් ඊයා නෙවෙයි මටනම්..එක එක වාහනේ තියෙන අඩුපාඩු දැන්ගෙන එලෙව්වනම් ඔක්කොම සුපිරි වණ්ඩි තමා..
පස්සේ වෙලාවක තව ලියන්නම්..

ඔස්තාර්ලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න..පුලුවන් විදියකට උත්තර දෙන්නම්..

සටහන :- ගුරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *