මත් වූ රූ රැජින කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එකක් ඇතුලේ කරපු දේ මෙන්න


පසුගිය දා ආසියානු රටක පැවති Mrs Asia තරගයක ශ්‍රී ලංකාව නියෝජනය කළ රූමතියකගේ අවිනීත හැසිරීමක් පිළිබඳව අපට වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව හුරුවී ඇති ඇය පෙරේදා (11) කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිහි මද ගතියෙන් අවිනීතව හැසිරුණු බවයි එම වාර්තා මගින් තහවුරු වුණේ.

පසුව අමුත්තන්ට ඇගෙන් කරදර සිදුවීම නිසා ඇයව පිටතට ගෙන යාමට සිදුව තිබෙනවා.

මෙම රූ රැජිණ පසුගිය දා ශ්‍රී ලංකාවේ පැවති මිසිස් ශ්‍රී ලංකා තරගයකට එක්ව පරාජය වූ අතර පසුව එම තරගයේ සංවිධායකවරු විසින්ම ඇයව වෙනත් ඉසව්වකින් ජයගත් බව පවසා විදෙස් රටක පැවති Mrs Asia තරගයක් සඳහා එක් කරනු ලැබූ බවට චෝදනා එල්ල වී තිබුණා